IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


දැනට තියෙන බිත්තර වී බුසල් 5000 ප්‍රමාණවත් නෑ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

ඉන්දික හේවාවිතාරණ
හානි වී තිබෙන කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, දැනට රජය සතුව බිත්තර වී බුසල් 5000ක පමණ ප්‍රමාණයක් පවතින බවත් එය ප්‍රමාණවත්  නොවන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මේ නිසා ගොවීන් සතුව තිබෙන බිත්තර වී පැළවීමේ ප්‍රතිශතය පරික්ෂා කර හොඳ තත්ත්වයේ බිත්තර වී ගොවීන්ගෙන් මිලදී ගෙන ආපදාවන්ට ලක්ව තිබෙන කුඹුරු හිමියන්ට නොමිලේ ලබාදෙන බවද  ඔහු සඳහන්  කළේය.

ජලගැලීම් නිසා කුඹුරු අක්කර 30,000-40,000 අතර ප්‍රමාණයකට  හානි වී තිබිය හැකි බැවින් ඒ පිළිබඳව නිවැරදිව ගණනය කිරීම් ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේය.
උඩරට හා පහත රට එළවළු වගාවන්වලට ද හානි සිදුව තිබෙන බවත් මෙම වගාවන්ට වන්දි ලබාදෙන ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති වුවද මෙවර එම ගොවීන්ට වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසීය. මේ අනුව මෙවර මෙම පිරිස් සඳහා වන්දි ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අදාළ මැදිහත් වීම සිදුකරමින් තිබෙන බවත් හෙතෙම  සඳහන් කළේය. වී වගාවේ සිදුවී ඇති පූර්ණ හානි හා අර්ධ හානි ප්‍රමාණය  නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන්නේ අදාළ ගණනය කිරීම් කළ පසුව බවද ඔහු පැවසීය.
වී, බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, සෝයා බෝංචි සහ ලොකු ලූනු බෝග හය සැලකීමේදී වගා හානියක් සිදුවූ විට වන්දි ලබාදෙන ක්‍රමය යටතේ වර්ෂාවෙන් හෝ ජල ගැලීම් නිසා වගා හානි සිදුව තිබෙන ගොවීන්ට වන්දි ලබාදෙන බවද හෙතෙම පැවසීය.



අදහස් (0)

දැනට තියෙන බිත්තර වී බුසල් 5000 ප්‍රමාණවත් නෑ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 295 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1255 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site