IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තැපෑලේ පුරප්පාඩු හත්දහසක්

අමිල චින්තක ගමගේ


දීර්ඝ කාලයක් තිස්සේ තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා නොගැනීම නිසා පුරප්පාඩු 7000 ක් ඇති වී තිබෙන බව තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.

වැඩ වර්ජනය අත්හැරියත් සේවක ගැටලු‍වට ඉක්මනින් විසඳුමක් නොලැබෙන්නේ නම්, නැවත24 වැනිදා වැඩ වර්ජනයකට යොමුවන බවද ඔහු සඳහන් කළේය. එකවර සේවක පුරප්පාඩු 7000 ම පුරවන ලෙස ආණ්ඩුවට බලපෑම් නොකරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම සේවක සංඛ්‍යාවවත් ඉක්මනින් බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කරන බවත් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු 
ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතාගෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමේදී ඔහු සඳහන් කළේ සේවකයන් 7000 ක හිඟයක් පවතිනවා යැයි වෘත්තීය සමිති කරන චෝදනාව බොරුවක් බවත්, සැබැවින්ම හිඟයක් පවතින්නේ 1935ක සේවක ප්‍රමාණයක් බවත්ය. රට පුරා ලියාපදිංචි ආදේශකයන් 3000 ක පමණ ප්‍රමාණයක් අවශ්‍යව පවතින බව නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය. එසේම තැපැල් සේවකයන් මෙම වැඩ වර්ජනයට එක්වූයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සඳහා සේවකයන් බඳවා ගැනීමට කටයුතු කරමින් තිබියදී බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

තැපෑලේ පුරප්පාඩු හත්දහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site