IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ණය ඉල්ලද්දි ක්‍රිබ් වාර්තාවට මුල්තැන දීමෙන් ගනුදෙනුකරුවන්ට දුෂ්කරතා

සුදර්ශනී කෝණාර
වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික පදනම කරගෙන ණය අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදුකරන හෙයින්, මුදල් ඇමතිවරයා වශයෙන් වාණිජ බැංකුවලට ප්‍රායෝගික මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කොට නිකුත් කිරීමට පියවර ගන්නැයි, බැංකු ගනුදෙනුකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ඇතැම් අවස්ථාවල නිශ්චල දේපොළක් ඇපයට තබා ගෙන ණය මුදලක් නිකුත් කරන අවස්ථාවල දී පවා ඇතැම් බැංකු ක්‍රිබ් වාර්තාව මූලික පදනම කරගෙන ප්‍රතික්ෂේප කරන බවත්, රාජ්‍ය බැංකුවල එවැනි අවස්ථා බහුල බවත් ඔවුහු කියා සිටිති.
“මම අතීතයේ වෙනත් බැංකුවකින් ගත් රුපියල් ලක්ෂයක ගෙවීමට අතපසුවූ ණයක් පියවීමේ අරමුණෙන් මගේ විශ්‍රාම වැටුප එන මහජන බැංකු ශාඛාවට ගියා. ක්‍රිබ් වාර්තාවක් මගේම මුදලින් අරන් එය බලා ණය මුදල ප්‍රතික්ෂේප කළා. 
බැංකුවේ අනුදැනුමකින් තොරව වෙනත් බැංකුවකට ප්‍රේෂණය නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යවලා ණය මුදල නිකුත් කිරීමට බැංකුවට ලේසියෙන්ම හැකියාව තියෙනවා. අපේ රටේ කිසිවක ප්‍රායෝගික බවක් නෑ.”‍
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ විශ්‍රාමිකයෙක් ”‍ඉරිදා ලංකාදීපය”‍ට ප්‍රකාශ කළේය.



අදහස් (0)

ණය ඉල්ලද්දි ක්‍රිබ් වාර්තාවට මුල්තැන දීමෙන් ගනුදෙනුකරුවන්ට දුෂ්කරතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 143 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 762 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site