IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කල්පිටියේ දූපත් 10ක් බද්දට ගත් ආයෝජකයන්ගෙන් රුපියල් කෝටි නවයක බදු අයකරගෙන නෑ

ජේ. ඉඳුරුවගේ 
සංචාරක කර්මාන්ත කටයුතු සඳහා කල්පිටිය අර්ධද්වීපයේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සංචාරක කර්මාන්ත කටයුතු සඳහා නිදහස් ප්‍රදාන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට රජයෙන් ලැබුණු කල්පිටියේ දූපත් 12 ක් අතරින් දූපත් දහයකට අයත් ඉඩම් අක්කර 669 ක් 2010, 2011, 2020 සහ 2022 වර්ෂවල අධිකාරිය මගින්  සමාගම් හතකට බදුදී ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. එම සියලු‍ම බදුකරුවන් විසින් මෙතෙක් මෙහෙයුම් කටයුතු ආරම්භ කර නැති බවත් බදුගැනීම වෙනුවෙන් සංචාරක අධිකාරියට2018 සිට  ගෙවිය යුතු බදු මුදල් මෙලෙස ගෙවා නැති බවත් විගණනයෙන් පෙන්වා දෙයි.
දූපත් ගණන ප්‍රමාණවත් නොවීම, ධීවර ප්‍රජාවගේ ගැටලු, යටිතල පහසුකම් සීමා කිරීම සහ අනුමැතිය ප්‍රමාදවීම ආදිය හේතුවෙන් ව්‍යාපෘතිවල ප්‍රගතිය බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය විගණන කාර්යාලය වෙත දුන් පිළිතුරේ සඳහන් වේ.



අදහස් (0)

කල්පිටියේ දූපත් 10ක් බද්දට ගත් ආයෝජකයන්ගෙන් රුපියල් කෝටි නවයක බදු අයකරගෙන නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site