
සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
අපොස උසස් පෙළ (2023) විභාගය මාසයක් හෝ දෙකක් කල් යනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය (සංශෝධිත දිනය) විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට, සඳුදා පැවැත්වීමට නියමිතය.
විභාගයට සූදානම්වීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ආකාරයට විභාගය පැවැත්වෙන දින වකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
දින වකවානු තමා ප්‍රකාශයට පත් නොකරන බවත්, එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ විභාග දෙපාර්තමේන්තුවට බවත් අමාත්‍යවරයා පැවසීය. සිසුන්ට ප්‍රමාණවත් කාලයක් දීමේ අරමුණින් මෙම විභාගය යම් කාලසීමාවක් කල් දමන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් මෙම ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා විභාග දෙපාර්තමේන්තුවට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.
ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු පෙර වර්ෂවලට වඩා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් 18,473 ක් ලැබී තිබීම සැලකිල්ලට ගෙන එම විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට මෙසේ අවධානය යොමුවී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උසස් පෙළ පැවැත්වෙන දිනය සඳුදා කියයි