IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි

ඉන්දික හේවාවිතාරණ
රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

මෙවර මාස් කන්නයේ දී අවශ්‍ය තරම් රතු කැකුළු වී වගා කර තිබෙන නිසා මින් ඉදිරියට රතු සහල් හිඟයක් ඇති නොවන බවද මාස් කන්නයේ ලැබීමට නියමිත අස්වැන්න මාස හතකට වැඩි කාලයකට  ප්‍රමාණවත් බවද හෙතෙම පවසා සිටියේය.
වර්ෂයේ ඉතිරි අවශ්‍යතාව යල කන්නයේ අස්වැන්නේන් ලැබෙන නිසා මින් ඉදිරියට රතු සහල් හිඟයක් ඇති නොවන බව ඔහු පැවසීය.
සමස්ත ජනගහනයෙන් රතු සහල් භාවිත කරනු ලබන්නේ සියයට 15-20 ත් අතර ප්‍රමාණයක් බවද වාර්ෂිකව වගා කරන කැකුළු වී ප්‍රමාණය රතු සහල් අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත් බවද හෙතෙම  සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව විසින් ජනතාවට නොමිලේ සහල් ලබාදීමේ දී රතු සහල් භාවිත නොකරන ප්‍රදේශවල ජනතාවට රතු සහල් ලබාදීම නිසා රතු සහල් හිඟයක් ඇති වූ බවද ඇමතිවරයා පැවසීය. ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මෙම කන්නයේ දී රජය වී තොග ගබඩා කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද  ඔහු පැවසීය.
වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සිදුකරන බවද මෙවර මාස් කන්නයේ කැකුළු වී මේට්‍රික් ටොන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බවට ඇස්තමේන්තු කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. රතු සහල් අනුභව කරනු ලබන්නේ දකුණේ,කඳුකරයේ, රත්නපුර හා නැගෙනහිර පළාත්වල ජනතාව බවද ඔහු පැවසීය.
මෙවර අස්වැන්න පුද්ගලික අංශය සේම රජය විසින්ද මිලදී ගැනීමට කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් වී ගබඩා ලියාපදිංචි කර රැස්කර ගන්නා වී ප්‍රමාණය ගණනය කරන බවත් ඔහු සඳහන් කළේය. මෙවර මාස් කන්නයේදී හෙක්ටර්යාර් එක් ලක්ෂ හැට එක්දහස්  හැටහතක රතු කැකුළු වී වගා කර තිබීම අනුව අස්වැන්න මේට්‍රික් ටොන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බව හෙතෙම පැවසීය.
පසුගිය වසරෙහි යල හා මාස් කන්නය යන කන්න දෙකෙහිදීම හෙක්ටයාර් දෙලක්ෂ  හැත්තෑ හත්දහස් තුන්සිය පහක රතු කැකුළු වී වගා කර තිබූ බවද ඉන් ලැබී තිබෙන අස්වැන්න වී මේට්‍රික් ටොන් ලක්ෂ 11ක්  පමණ වන බවද ඔහු සඳහන් කළේය. පසුගිය මාස්  කන්නයේදී වී මේට්‍රික් ටොන් හත් ලක්ෂ හයදහසක ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඉතිරි වි ප්‍රමාණය යල කන්නයේදී ලැබී තිබෙන බවත් ඇමතිවරයා පවසා සිටියේය.

 



අදහස් (0)

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site