IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි

උපුල් වික්‍රමසිංහ
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසුවේ දැනට පවතින රජයේ ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරය වසර 35 ක් පමණ පැරණි යාවත්කාලීන නොවූ එකක් බැවින් එහි ධාරිතාව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අසමත් බවය.

ඖෂධයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම, වෙළෙඳපොළට නිකුත් කළ පසු වෙළෙඳපොළෙන් හා රෝහල්වලින් අහඹු ලෙස ගෙන ඒවා පරීක්ෂා කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂා කිරීම යන අවස්ථා මත මෙම පරීක්ෂණාගාරයෙන් ඖෂධ පරීක්ෂා කළ යුතු වුවත් ලැබෙන පැමිණිලි මත කෙරෙන පරීක්ෂා කිරීම් හැර අන් අවස්ථාවලදී පරීක්ෂා කිරීම් බහුල ලෙස සිදු නොවෙන බව ද වෛද්‍යවරයා හෙළි කළේ ය. අහඹු ඖෂධ පරීක්ෂා කිරීම් නිතර සිදු නොවන බව ද හෙතෙම අනාවරණය කළේ ය.
දැනට තිබෙන රසායනාගාරයෙහි ධාරිතාව ප්‍රමාණවත් නොවෙන හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල ජාත්‍යන්තර මට්ටමේ අලුත් ඖෂධ තත්ත්ව රසායනාගාරයක් ඉදි කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති බවත් හෙතෙම සිහිපත් කළේ ය. 
මේ අතර ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ දේශීය ඖෂධ කර්මාන්තශාලා සතුව ඖෂධ තත්ත්ව පාලන රසායනාගාර පහසුකම් තිබෙන හෙයින් එම ඖෂධ පරීක්ෂාවලට ලක් වුව ද රජයේ ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවෙන බවය. 
අප මේ පිළිබඳ රජයේ ස්ථාවරය විමසීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
 

 



අදහස් (0)

ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 995 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site