IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙක් සජබට


නිමල කොඩිතුවක්කු


සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග එක්වීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු එකඟතාව පළ කර ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ඔවුන් සමගි ජන සන්ධානයට එක්කරගැනීම සහ සන්ධානයේ පැවරෙන වගකීම් සම්බන්ධයෙන් මේ දිනවල අවසන් වටයේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුව නියෝජනය කළ මහාචාර්ය ජී. එල්. පීරිස්, චන්දිම වීරක්කොඩි, ෂාන් විජයලාල්ද සිල්වා, ඩිලාන් පොරේරා, නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මේ ​ෙවනවිටත් සමගි ජන සන්ධානයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ඔහු කීවේය.

සමගි ජන සන්ධානය ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට මේ වනවිට සියලු‍ කටයුතු සූදානම් බවත්, ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලුම මැතිවරණවලට එම සන්ධානය යටතේ තරග කරන බවත් මහලේකම්වරයා තවදුරටත් පැවසීය.



අදහස් (0)

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙක් සජබට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site