උපුල් වික්‍රමසිංහ
වෙබ් අඩවිවල පළ කර ඇති සහ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන අසභ්‍ය වීඩියෝ, සංවේදී හා සරාගී ඡායාරූප ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් මෙම වසරේ මේ දක්වා කාලයේදී පැමිණිලි 1,140 ක් ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ ඉරිදා ලංකාදීපයට පැවසීය.
සහ බිය ගැන්වීම්, ඡායාරූප පළ කර තවත් ඡායාරූප එවන ලෙස බල කළ සිද්ධි ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කී හෙතෙම ඒවායෙන් ඇතැම් වීඩියෝ හා ඡායාරූප මේ වෙනවිටත් ඉවත් කර ඇතත් වට්ස්අප් සහ මැසෙන්ජර් සමූහයන්හි සංසරණය වෙන වීඩියෝ හා අසභ්‍ය ඡායාරූප ඉවත් කිරීම ඉතා දුෂ්කර බව ද කීවේය.
කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගෙන සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලමින් ද පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් ඒවායෙන් ඇතැම් ඒවා ඉවත් කර ඇතත් සමහර ඒවා ඉවත් කිරීම අසීරු බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ඉවත් කරන්නැයි පැමිණිලි 1140ක්