HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.



අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. ඒලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිතා කරන දුරකථන කුළුණකි. මෙය ශ්රී ලාංකිකයින් නව වසරකට පිය නගන මොහොතේ දියුණුවේ බලාපොරොත්තු දල්වන අපූර්ව සංකේතයක් බවට පත්වනු නිසැකය.

රාමග වල්පොළ පිහිටි HUTCH දත්ත මාධ්‍යස්ථාන පරිශ්‍රයේ  පිහිටා ඇති මෙම කුළුණෙහි උස අඩි 282ක් හෙවත් මීටර් 86 ක් වන අතර එය සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. දෙසැම්බර් 24 දින නත්තල් ආලෝකයෙන් ආලෝකමත් වන මෙම කුළුණ සමස්ථ ශ්‍රී  ලංකාවාසීන්ට බලාපොරොත්තුවේ පහන් ටැඹක් වනු ඇත. ජනතාවට මෙම කුළුණ වෙත පැමිණ සුරක්ෂිත ලෙස එය දැක බලාගනිමින් උත්සව සමයේ සතුට සිත්සේ අත්විඳීමට අවස්ථාව සලසා දීමට HUTCH පියවර ගෙන තිබේ. 

"Christmas Innovation Tower" යනු අප එදිනෙදා දකින, අපට හුරුපුරුදු දේවල් නිර්මාණශීලි චින්තනය ඔස්සේ සුවිශේෂී දේවල්වලට පරිවර්තනය කරගත හැකි ආකාරය පෙන්වා දෙන අගනා උදාහරණයකි. “HUTCH" යනු හුදෙක් ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක්ම පමණක්ම නොවේ. ඔවුන් ශ්‍රී  ලාංකිකයින්ට දියුණුවෙහි නව මං පෙත් ගවේෂණය කිරීමට ඉඩකඩ සලසා දෙන පුරෝගාමියෙකි. එම පුරෝගාමී චින්තනයෙහිම ප්රතිපලයක් වන මෙම නත්තල් කුළුණ, උත්සව සමයේ සතුට සමරන අතරම, නවෝත්පාදන සිතුවිලි වැළඳ ගනිමින් අභියෝග අවස්ථා බවට පත්කරගැනීමට සමස්ථ ශ්‍රී  ලංකාවාසීන් දිරිගන්වන නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. 

ශ්‍රී  ලංකාව යනු සම්පත් වලින් පරිපූන් රටකි. එම සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීම මගින් ශ්‍රී  ලංකාවත් එහි පුරවැසියනුත් දියුණුවෙන් දියුනව කරා රැගෙන යා හැකි වෙයි. Christmas Innovation Tower මගින් සංකේතවත් වන්නේ මෙම බලාපොරොත්තුවයි. අප කවර තත්වයක සිටියද, නිර්මාණශිලීත්වය හා නවෝත්පාදනය ඔස්සේ අපුර්ව දේවල් සිදු කිරීමට අපට හැකියාව ඇති බව එය අපට සිහිපත් කරවනු ඇත.