(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන විෂය පථයට සම්බන්ධ තාවකාලිකව අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021 වසරේදී හා ඉන් අනතුරුව ආරම්භ කරන ලද ව්‍යාපෘති 18 ක ඉදිකිරිම් කටයුතු ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට, ක්‍රියාත්මක කිරීමේ වේගය අඩාල කිරීමට හෝ අන්‍යෝන්‍ය අවබෝධයෙන් අත්හිටු වීමට සිදු වී ඇත.
එසේ අත්හිටුවන ලද ව්‍යාපෘති 18 ක් අතුරින්, ව්‍යාපෘති 6 ක කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඒ අනුව, වැඩ අවසන් නොකරන ලද පහත සඳහන් ව්‍යාපෘති වල කටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වලපනේ යෝජිත සතිපොළ හා බහුකාර්‌ය ගොඩනැගිල්ල ඉදිකිරීම,දවුලගල සතිපොළ සහ රථගාල සංවර්ධනය, මුලතිව් බස් නැවතුම් පොළ සංවර්ධනය,හබරණ සනීපාරක්ෂක පහසුකම් සහ භූ දර්ශන වැඩි දියුණු කිරීම,රුවන්වැලි සෑය රථවාහන නැවතුමේ සිට ජේතවනාරාමය දක්වා පෙත් මග සංවර්ධනය,පොළොන්නරුව නව නගරයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම,අම්පාර සතිපොළ ඉදිකිරීම,දෙයියන්දර බස් නැවතුම්පොළ සංවර්ධනය,ගම්පහ පොදු වෙළෙඳපොළ සංවර්ධනය,පේරලන්ද තෙත් බිම් උද්‍යානය සංවර්ධනය,පානදුර පොදු වෙළෙඳ පොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අතරමඟ නැවතුණු වැඩ එකොළහක් යළි අරඹයි