IMG-LOGO

‘‘විශ්වාසභංගෙ අපට අභියෝගයක් නොවේ‘‘

(නිමල කොඩිතුවක්කු)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ විමර්ශණ යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් මේ මගින් කලින් හෙලිදරව් නොවු තොරතුරු රැසක් හෙලිදරව් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව බය නොවන බවත් ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට මෙය හොද අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.

“විපක්ෂයට ඕන විදියට අපි හැසිරෙන්නේ නැහැ. ඇත්ත පරීක්ෂණ යට යවන්න විපක්ෂය එක එක වෙලාවට සිදුකරන බොරුවලට අපි අහුවෙන්නේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවන විට සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් මෙහෙම නමක් කියවුනේ නැහැ.

අපි මේ විමර්ශණ ක්‍රියාවලිය නිවැරදිව සිදුකරමින් මෙහි මහමොලකරුවන් සම්බන්ධයෙන් ක්‍රමානූකූලව පරීක්ෂණ කරගෙන යනවිට තමයි මේ අයට එක එක සිද්ධි මේකට පටලවන්න ඕන වෙලා තියෙන්නේ.

දැන් ආණ්ඩුවේ කොනෙක් මේකට පටලවන්න පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ තමයි මහමොලකරුවන් සහ මේ ඝාතනයේ ඇත්ත චූදිතයන් වසන් කරන්න විපක්ෂයට වුවමනාවක් තිබෙන බව පේන්න තියෙනවා.

 



අදහස් (0)

‘‘විශ්වාසභංගෙ අපට අභියෝගයක් නොවේ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site