IMG-LOGO

වරෙන්තුකරුවෝ 375ක් දැලේ

(අංජුල මහික වීරරත්න)

පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය කියයි.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ 11 සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6106 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 24175 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9578ක්ද යතුරු පැදි 7630ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 

එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 917 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 25 දෙනකුද වරෙන්තුකරුවන් 375 දෙනකුද අත්අඩංගුවට පත්ව ඇත.

එකී මෙහෙයුම් වලදී නීති විරෝධී ගිනි අවි 3ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ අනුව විශේෂයෙන්ම රටේ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ක‍්‍රියා කලාපය මර්දනය කිරීම සදහාත්  රිය අනතුරු අවම කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

 



අදහස් (0)

වරෙන්තුකරුවෝ 375ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site