වසර පනහක් පුරා කාන්තාරයේ දැල්වෙන දර්වාසා ආවාටය


අදින් දශක පහකට පෙර, උතුරු ටර්ක්මෙනිස්තානයේ කාන්තාරයෙහි පරතරයක් සහිත, ගිනිමය ආවාටයක් විවර විය. අපායේ දොර හෙවත් ‘දර්වාසා ආවාටය’ (Darvaza Crater) ලෙස හැඳින්වෙන මෙය අදටත් දැවෙමින් පවතින අතර එය වෙනත් ආකාරයකින් කියනවා නම් නිසරු කාන්තාරයක මැවූ අපූරු ස්වභාවධර්මයේ නිපැයුමකි. 


දර්වාසා ගෑස් ආවාටය සෑදුණු ආකාරය පිළිබඳ නිවැරදි වාර්තා සොයාගෙන නැති අතර සමහර කරුණු මතභේදයට තුඩු දී ඇත. වඩාත් ජනප්‍රිය රහසක් වී ඇත්තේ නම් 1971 දී මීතේන් වායුව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෝවියට් භූ විද්‍යාඥයින් විසින් හිතාමතාම ගිනි තැබූ අතර එතැන් සිට එය අඛණ්ඩව දැවෙමින් පැවති බව යි. මෙම ගෑස් ආවාටය අක්කර 1⅓ ක්වූ භූමි ප්‍රමාණය පැතිරී පවතින්නකි. එහි විෂ්කම්භය අඩි 226 වන අතර එහි ගැඹුර අඩි 98 කි. 


එය පිහිටා ඇත්තේ ටර්ක්මෙනිස්තානයේ අගනුවර වන අෂ්ගාබාත් නගරයට උතුරින් කිලෝමීටර් 260 ක් (සැතපුම් 160) පමණ දුරින් පිහිටි කරකුම් කාන්තාරය මධ්‍යයේ ය. මෙහි ඇති ගෑස් සංචිතය ලොව ඇති විශාලතම එකකි. අඩි 226ක විශ්කම්භයක් ඇති විශාල ආවාටයේ ගින්න, උතුරන මඩ සහ තැඹිලි පැහැති ගිනිදැල් ගැන සඳහන් කරමින් ප්‍රදේශවාසීන් විසින් ඩෝ ටූ හෙල් හෙවත් අපායේ දොරටුව යන නම ලබා දී ඇත. 


දර්වාසා ගෑස් ආවාටය සහ අවට ප්‍රදේශය, සාමාන්‍යයෙන් කූඩාරම් සවි කර ඇති ස්ථානය ඇතුළුව, ආවාටය ආශ්‍රිත ප්‍රදේශය ටර්ක්මනිස්ථානයේ භූ විද්‍යාඥ ඇනටෝලි බුෂ්මකින්ට අනුව 1971 දී මෙම ස්ථානය සෝවියට් ඉංජිනේරුවන් විසින් හඳුනා ගන්නා ලදී. එය මුලින් සැලකුවේ සැලකිය යුතු තෙල් බිම් ප්‍රදේශයක් ලෙස ය. එම ස්ථානයේ ඇති තෙල් ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ඉංජිනේරුවන් විසින් විදුම් යන්ත්‍රයක් සවි කර මෙහෙයුම් සිදු කළහ. මූලික සමීක්‍ෂණයෙන් ස්වාභාවික ගෑස් නිධියක් හමු වූ විගසම, විදුම් යන්ත්‍රය ආවාටයේ හෑරීම් කරන්නට විය. 


ගුහාවේ සිට භයානක වායූන් ඉවත් කළ යුතු බවට අපේක්‍ෂා කළ ඉංජිනේරුවන් වායුව දහනය කිරීම සුදුසු යැයි සැලකූහ. සති කිහිපයක් ඇතුළත වායුව දහනය වන බවට ගණන් බලා තිබූ නමුත් ඒ වෙනුවට එය වසර 50 ක් අඛණ්ඩව දැවී ගිය අතර එය තවදුරටත් දැල්වෙමින් පවතින්නේය. 


ආවාටයේ ඉතිහාසයේ මුල් වසර අවිනිශ්චිත වන අතර 1960 ගණන් වලදී ආවාටයක් තුළට කඩා වැටීමක් සිදු වූ බවත් 1980 ගණන් වන තුරු වායූන් ගිනි නොතිබූ බවත් ප්‍රාදේශීය භූ විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත්, සෝවියට් හෝ තුර්ක්මන් සිදුවීම් පිළිබඳ වාර්තා නොමැත. 2010 අප්‍රේල් මාසයේදී ටර්ක්මෙනිස්තානයේ ජනාධිපති ගුර්බන්ගුලි බර්දිමුමහෙදෝව් එම ස්ථානයට ගොස් සිදුර වසා දැමිය යුතු බවට නියෝග කළේය. 2013 දී ඔහු කරකුම් කාන්තාරයේ ආවාටය සහිත කොටස ස්වාභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 


මෙම ගැඹුරු ලෝදිය සහිත ගිනි අවාටයේ මූලාරම්භය පිළිබඳ විස්තර කෙටියෙන් කිවුවොත්, සෝවියට් විද්‍යාඥයන් විසින් මෙම කුහරය ගිනි තැබූයේ මෙහි ඇති හානිකර වායූන් දහනය කිරීමටයි. නමුත් ඔවුන් මෙම කුහරය යට තිබූ ඉන්ධන ප්‍රමාණය අවතක්සේරු කර තිබිණි. ලෝකයේ හයවන විශාලතම ස්වාභාවික වායු සංචිතය පිහිටා ඇත්තේද අපි මේ කතා කරන ටර්ක්මෙනිස්තානයේයි. 


ගවේෂකයෙකු ලෙස ප්‍රසිද්ධ ජෝර්ජ් කුරෝනිස් , 2013 නොවැම්බරයේ දී නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාව විසින් සැපයූ අරමුදල් මත, සංචාරක සමාගමක් වන කෙන්සිංටන් ටුවර්ස් හි සහාය ඇතිව මෙය ගවේශණය කර තිබේ. අඩි 225 ක් (මීටර් 69) උසකින් සහ පළක අඩි 99(මීටර 30) යුත් මෙම ආවාටයේ ගැඹුරට ගමන් කළ පළමු පුද්ගලයා බවට ඔහු පත්විය. ඔහු මෙම කුහරයේ පතුලේ පාංශු සාම්පල එක්රැස් කර, එවැනි කටුක තත්වයන් තුළ ජීවයකට නොනැසී පැවතිය හැකිදැයි ඉගෙන ගැනීමට බලාපොරොත්තු වී සිට ඇති අතර සමහර විට විශ්වයේ වෙනත් තැනක මෙවැනි වාතාවරණයක් තුළ ජීවත් විය හැකිද යන්න පිළිබඳව ඔහු ගවේෂණය කරනු ලැබීය. 

 


2017 ජඋලි 16 වන දින විකාශය වූ නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාවේ විකාශවූ කතා මාලාවක් වන ඩයි ට්‍රයින් (Die Trying) හි ඔහුගේ වේදනාකාරී මෙන්ම ත්‍රාසජනක අත්දැකීම පිළිබඳ කතා කර තිබේ. එමෙන්ම එහිදී ටොරොන්ටෝ හි වෙසෙන ගවේශක ජෝර්ජ් කුරෝනිස් මහතා ටර්ක්මෙනිස්තානයේ වසර 1 ½ ක් තිස්සේ සිදු වූ සිය ගවේෂණයේ අත්දැකීම් ගැන නැෂනල් ජෝග්‍රැෆික් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කතා කර ඇත. 


ඔබ මුලින්ම ආවාටය දෙස බැලූ විට එය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක යමක් වැනි විය. ඔබට මේ විශාල විහිදුණු කාන්තාරය, එහි කිසිවක් නැති හිස් දෙයක් ලෙස පෙනුනත් එහි අඩුව මකන්නට මෙම ගිනි දැල් වලින් දැවෙන කුහරය පිහිටා ඇත. එයින් පිටවන උණුසුම දැවෙන අතර එමඟින් අවට වාතය උණුසුම් වන ආකාරය නැරඹීම පුදුම සහගත වේ. ඔබ පහත් වූ විට, මෙම තාප පිපිරුම ඉතා තීව්‍ර වන අතර ඔබට එම වා සුළඟ දෙස කෙලින්ම බැලීමට පවා නොහැකිය. ආවාටයේ අද්දර සිටගෙන ඔබේ අත ඔබේ මුහුණෙන් ආරක්ෂා කර ගත යුතු යැයි ඔහු කියා සිටින්නේය. 


ආවාටය ‘‘අපායේ දොරටු”‍ ලෙස නම් කර ඇතත්, ආවාටය සරල භූ විද්‍යාත්මක විෂමතාවයකි; පෘථිවිය ස්වාභාවික අවපාතයකට ගිලී යාමට ඉඩ සලසන මතුපිට ගෑස් සාක්කුවක්, විශාල ගැඹුරු ස්වාභාවික වායු ක්ෂේත්‍රයකින් සෙමෙන් පිටවන ස්වාභාවික වායුව සුළඟින් නිවා නොගෙන හෝ වේගයෙන් දිය වී යන දෙකම එකතු වී දහනය වීමට ඉඩ සලසයි. ප්‍රදේශයේ සමාන කුඩා වායුව කාන්දු වන වායුව කාන්තාර සුළඟින් වේගයෙන් විසුරුවා හරිනු ලැබේ. බිමෙන් පිටවන ස්වාභාවික වායුව දැල්වූ ‘‘දැවෙන බිම”‍ ලොව අනෙකුත් ප්‍රදේශ වල දක්නට ලැබේ.

 

 

සටහන - තිළිණි ද සිල්වා