(යොහාන් භාසුර)
කොළඹ නගරයේ කඩයකට හෝ කුටියකට පදික වේදිකාවේ ඉඩ නොමැති බවත් කොළඹ නගරාධිපතිවරයා ලෙස කිසිඳු අවස්ථාවක දේශපාලන බලය හෝ වෙනත් බලයකට එවැනි ඉදිරිකිරීම්වලට අවස්ථාව නොදෙන බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය.
කොළඹ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති එම නගර සභාවේ ඔක්තෝබර් මස සභා රැස්වීමේදී නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය.
කොළඹ නගරයේ පදිකවේදිකාවේ කඩ සහ වෙනත් ඉදිකිරීම් කිරීම නිසා ජනතාව මහ පාරේ ගමන් කිරීමට සිදුව ඇති බවත් ජනතාව මහ පාරේ ගමන් කරද්දී කිසියම් අනතුරක් වුවහොත් එහි වගකීම ද නගර සභාවට යොමුවන බවත් නගරයේ ඇති එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව ලැබුණු වාහාම ඒ පිළිබඳව පියවර ගන්නා බවත් නගරාධිපතිනිය පැවසුවාය.
කොළඹ නතර මෙම තත්වය දිස්ත්‍රික් කමිටු රැස්වීමකදී නගරයේ අලංකාරය සම්බන්ධයෙන් කථා කළ බවත් පදිවේදිකාවේ රැකියාව කරන ජනතාවට තැනක් දීලා එම තත්වයට පියවර ගන්න එහිදී අවදානය යොමු වූ බවත් ඇය පැවසුවාය.
සමඟි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා සභාවට ඉදිරිපත් කළ පහත ගැටලුවට නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පිළිතුරු පැපවූවාය.
එහිදී මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා මෙසේ ගැටලුව ඉදිරිපත් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කඩ - කුටිවලට කොළඹ පදිකවේදිකාවේ ඉඩ නෑ