IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කොළඹ මහ නගර සභාව කෝටි 367ක් වැටුප් ගෙවලා

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේ (2024) රුපියල් මිලියන 3,668 ක් හෙවත් රුපියල් කෝටි 367 කට ආසන්න මුදලක් වැයකර ඇති බවත් මෙම වසරේ (2025) අගෝස්තු මස දක්වා මාස අට තුළදී සේවකයන්ටෙ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 2,645 ක් හෙවත් රුපියල් කෝටි 265 කට ආසන්න මුදලක් වැයකර ඇති බව එම නගර සභාව පැවසීය.

එම නගර සභාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියට යොමු කළ ප්‍රශ්න මාලාවකට යොමු කළ පිළිතුරේ එම තොරතුරු සදඟන් වේ.

එම නගර සභාවේ සේවයන්ට 2024 වසරේ ගෙවූ වැටුපෙන් රුපියල් මිලියන 2,917 ක් හෙවත් රුපියල් කෝටි 292 කට ආසන්න මුදලක් සහ මෙම වසරේ මේ දක්වා ගෙවූ වැටුපෙන් රුපියල් මිලියන 1,789 ක් හෙවත් රුපියල් කෝටි 179 ක් පළාත් සභාව ප්‍රතිපූර්ණ කළ බව ද කියන කොළඹ මහ නගර සභාව 2024 වසරේ ශ්‍රම මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 24 කට අධික මුදලක් ගෙවූ බව ද සඳහන් කරයි.  

කොළඹ නගර සභාව මෙම වසරේ අගෝස්තු මස දක්වා ස්ථිර සේවක වැටුප් සඳහා කෝටි 264 කට අධික මුදලක් ද, ශ්‍රම මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 14 කට අධික මුදලක් ද, වැයකර ඇති බව ද එම පිළිතුරේ සඳහන් වේ.

කොළඹ නගර සභාව තුළ ශ්‍රම පදනම මත සේවකයන් 428 ක් සහ කොන්ත්‍රාත් පනදම මත සේවකයන් 60 ක් සේවය කරන බවත් කර්මාන්ත අංශයේ සේවය කරන සේවකයන් 124 තනි අංශයක සේවය කරන වැඩිම සේවක සංඛ්‍යාව බවත් එම නගර සභාව පවසයි.

ජලසම්පාදන අංශයේ සේවකයන් 64 ක්, කර්මාන්ත අංශයේ සේවකයන් 54 ක් ඉඩම් අංශයේ සේවකයන් 23 ක් සහ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ සේවකයන් 21 ක් ලෙස සේවය කරන බවත් සෙසු සියලුම අංශවල සේවක සංඛ්‍යාව 20 ට අඩු බවත් එම නගර සභාව පවසයි.  



අදහස් (0)

කොළඹ මහ නගර සභාව කෝටි 367ක් වැටුප් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site