(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර් පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර ඇත.
එම වවුචර් පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබ සාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තිළිණ පත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 644,000.
* ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 53,093.
* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක 35 2,300.
* පිරිවෙන් වල තෝරාගත් ගිහි/ පැවිදි සිසුන් 30,000.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාසල් සිසුන්ට නොමිලේ පාවහන් දෙන්න කැබිනට් අනුමැතිය