IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


වෙඩි නොවදින මෝටර් රථයක් පාගොඩ ගරාජයක

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී අද (22) දා සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

සුඛෝප භෝගී මෙම වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

නුගේගොඩ පාගොඩ පාරේ පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි අලුත් වැඩියාවක් සඳහා රැගෙන ආ බව පැවසෙන අංක තහඩු නොමැති මෝටර් රථයක් වසා දමා තිබෙනු දැක තිබේ.

පසුව එම රථය විවෘත කොට දොරවල් ඇරීමට යාමේදී අධික බරකින් යුක්ත වීම නිසා සැකසිතී මෝටර් රථය තව දුරටත් පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

වෙඩි නොවදින මෝටර් රථයක් පාගොඩ ගරාජයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site