"කතාකරන චිත්‍රය සහ ගොළු කවිය" යන යෙදුම්, කවිය සහ චිත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු දැක්වූ අදහසක්. කතාකරන චිත්‍රය කියන්නෙ කවියට.ගොළු කවිය යනු චිත්‍රයයි.කවියේ භාෂාව අකුරු සහ වචන.චිත්‍රයේ භාෂාව රේඛා සහ වර්ණ.මේ කලා ශානර දෙකෙහි ම සරන කලාකරුවෙකු හැටියට ඩොමිනික් චන්ද්‍රසාලි හඳුන්වන්න පුළුවන්.
ඩොමිනික් ස්පාඤ්ඤයට ගියේ චිත්‍ර කලාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන්නයි.ඔහු මූලික උපාධිය ලැබුවේ කැලණිය සරසවියේ දෘශ්‍ය කලා අංශයෙන්. ස්පාඤ්ඤ යේ පිකාසෝ කලාගාරය ආශ්‍රිතව තම කලාව දියුණු කරගැනීමේ අවස්ථාව ඩොමිනික්ට ලැබුණා.
ඩොමිනික්ගේ චින්තන විදිය සහ වැඩ රටාව කැලණිය සරසවියෙහි මානවක බහුතරයකට ඇල්ලුවෙ නැහැ.ඩොමා නවකවධය අනුමත නොකළ නිසා නේවාසිකාගාරයෙනුත් යන්න සිදු වුණා.සරසවියෙත් ඉන් පිටතත් හිංසනයට බර වූ සමාජය ඩොමිනික් එක්තරා හුදෙකලා බවකට ඇදලා දැම්මා.
එතනදි ඔහුගෙන් ජීවය ලැබුවේ කවිය සහ චිත්‍රයයි.ඩොමා අඳින චිත්‍රවලට,ලියන කවිවලට ප්‍රිය කරන සමාජයක් සරසවියෙත් ඉන් පිටතත් හිටියා."ගාලු පාර දිග ගැලූ සිනා සළු සහ කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව" යන කවිපොත් දෙකට ආදරණීය ප්‍රතිචාර ලැබුණා. ඩොමිනික්ගේ චිත්‍රවලට අගනුවර සහ වෙරළ තීරයේ අවන්හල්වල ස්ථානයක් ලැබුණා.
බිත්ති සිතුවම් (Wall Arts) විෂයෙහි ඩොමිනික් සෑහෙන දුරකට පියමැන්නා.ඔහුට අනන්‍යතාවක් හැදුණා.එය මහත් කැපකිරීමක ඵලයක්..එම කලාව වැඩිදුර හදාරන්න තමයි ඔහු එතෙර ගියේ..
"මට ලැබුණු විශේෂ අවස්ථාව තමයි ලොව විවිධ රටවල චිත්‍රශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ ඇසුර ලැබීම.ඒ වගේම චිත්‍ර රසවිඳින සංස්කෘතික සමාජයක ජීවත්වන අවස්ථාව මට ලැබුණා". ඩොමිනික් පවසයි.
ස්පාඤ්ඤ යේ විවිධ අවන්හල් හා කලාගාර ඩොමිනික් ගේ සිතුවම්වලින් හැඩවෙන්න පටන් අරං.. මේ දිනවල ඔහු මොරොක්කෝවට ගොස් සිතුවම් අඳින්නේ ඔහුට ලැබුණු ආරාධනයක් අනුවයි. ඩොමිනික්ගේ චිත්‍රකලාව නූතනවාදී චිත්‍රශිල්පීන්ගේ ආභාසයෙන් ඔපවත්ව තිබෙනවා.
ඔහු තිඹිරිගෙදර කලාගාරයෙහි ප්‍රධාන චිත්‍රශිල්පියා ලෙස තම ප්‍රතිභාව විශද කළේ එතෙර යෑමට පෙරයි. ඔහුගේ විප්‍රවාසී දිවිය සුඛාන්තයක් බවට පත්ව ඇත්තේ සිතුවම් කලාව නිසයි. ඔහු එතෙර හිඳිමින් ලාංකිකයන්ට වැදගත් වන කටයුත්තකට මුල පුරමින් සිටිනවා.
ලංකාවේ සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි දරුවන්ගේ සිතුවම් එකතුවක් පළ කිරීමට ඔහු අදහස් කරනවා.ඒ සිතුවම් ගැන එතෙර මෙතෙර විද්වතුන්ගේ වින්දනාත්මක සටහන්ද කෘතියට ඇතුළත් කෙරෙනවා.
ඒ සඳහා පාසල් මට්ටමින් වැඩමුළු කිහිපයක්ද පැවැත්වීමට නියමිතයි.සිසිර කුමාර මහගම සහ ප්‍රගීත් රත්නායක ඇතුළු විද්වතුන් කිහිප පළක් මෙයට සම්බන්ධ වෙනවා.
ඩොමිනික් චන්ද්‍රසාලි නිශ්චිත අරමුණක් අනුව කැපවීමෙන් වැඩකර කලාකරුවෙකු හැටියට ඉදිරියට ගිය විශිෂ්ටයෙක්.සංස්කෘතික සම්පතක්.එවැනි සංස්කෘතියක් මෙරට නිර්මිණය වූ දවසක ස්පාඤ්ඤයේ රසික ආදරයට සමාන ආදරයක් ඔහුට මෙතෙරදිත් ලැබෙන බව නිසැකයි.
ඩොමා කවිය,සිතුවම හා මනුෂ්‍යත්වය සංකලනය වූ අසම්මත සිතුවමක් ම තමයි.
තිඹිරියාගම බණ්ඩාර