(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි තරුණයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර 6වන අදියරේ හිස් ඉඩමක දමා තිබියදී අද 25 හමුවූ බව ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රුමේස් ලක්මාල් නමැති 27 හැවිරිදි තරුණයකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ රාත්‍රී 10.30 ට පමණ නිවසින් පිටවී ගිය බවට තොරතුරු ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔහුගේ හිසෙහි සහ ශරීරයේ ස්ථාන කීපයකට දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට හේතුව නිශ්චිතව අනාවරණය වී ඇත