(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මහෝගනී දැව තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ තිදෙනකු ලොරි රථයක් සමඟ ගැලනිගම පිවිසුමේදී අත්අඩංගුවට ගැනීමට අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබිණි.
හොරණ ප්‍රදේශයේ ලි මෝලක සිට හෝමාගම ප්‍රදේශයට ලී තොගය ප්‍රවාහනය කිරීමට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
විවිධ ප්‍රමාණයේ දැව කොටස් සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් එම දැව තොගයයේ නිශ්චිත වටිනාකම දැන ගැනීම සඳහා දැව සංස්ථාවෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.