‘ජනපති වැය ශීර්ෂයට සහය පළකිරිම ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ’


අංජුල මහික වීරරත්න
 

 
ජනාධිපති වැය ශිර්ෂයට සහය දෙනවාද නැද්ද යන කාරණය ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
 
පක්ෂයක් ලෙස ගන්නා ඕනෑම තීන්දුවකට මෙහිදී තමා හිස නමන බව කී රාජකරුණා මහතා ජනපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දෙන බවට බොහෝ අය කියා තිබෙනු නම් දුටු බවද සඳහන් කළේය.
 
තමන් පක්ෂව  හෝ විපක්ෂව ඡන්දය දෙන්නේ පක්ෂයේ තීරණය අනුව බවද මන්ත්‍රීවරයා කීය.
 
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ නැමැති මාධ්‍ය හමුවකදී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසීය.
 
තව පැය කීපයකින් විමසන අයවැය ඡන්දය ඉතා පහසුවෙන් ජයගන්නා බවද  මන්ත්‍රීවරයා කීය.