
(අංජුල මහික වීරරත්න)
මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් අද (18) පස්වරු 6 සිට පැය 24 ක කාලයේ මහවැලි ගඟට ආසන්න පහත් බිමවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශ, මඩකළපුව - පොළොන්නරුව මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජ මහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරෙන් යට වීමේ අවදානමක් ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
එබැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක්, සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල් පසුවන ලෙසත් ඇති විය හැකි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි නිම්නයට ගංවතුර අවදානමක්