IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලියාට ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

පන්දම් වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වල, පාදයට වෙඩි තැබීමෙන්  ඇවිදීමේ අපහසුතාවයකින් සිටි වන අලියකු පුළුස්සා මරා දැමී යැයි කියන   සිද්ධියක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ.එම්. සිසිර සේනාධීර , ජේ.එම් ප්‍රසන්ත චලින්ද කුමාර සහ ජේ.එම්. වසන්ත විජය කුමාර යන සැකකරුවන්ය.

සැකකරුවන්  ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස සැකකරුවන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම දැඩිව කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ මහේස්තාත්වරිය පන්දම් වලින් පිලිස්සීමේ ෙ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විර්ශන මෙහෙයවා එම විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය. 

මෙම අපරාධයට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් විමර්ශන වලදී අනාවරණය වන්නේ නම් ඔවුන්ට වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය‍

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම දීර්ඝව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයන් මෙම අපරාධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.

විමර්ශනවලට තම සේවා දායකයින් කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විමර්ශනවලට සහාය දක්වන බවත් කියා සිටි නීතිඥයන් ඒ අනුව තම සේවා දායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද අයැද සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු  සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරමින් සියලු සැකකරුවන් මේ මස 24 වන දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කිරීමට නියොග කළාය.

සත්ව අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා පෙනී සිටි අතර අගතියට පත් වන අලියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අනුරාධපුර නීතීඥ සංගමය නියෝජනය කරමින් නීතිඥවරුන් වන චතුර ධනංජය රණතුංග , භාග්‍ය ශ්‍රී හේරත් සහ ප්‍රදීප් දිසානායක යන මහත්වරු පෙනී සිටියහ.

 



අදහස් (0)

අලියාට ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site