හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද සමගිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් මේ අනුව ඉවත් කරනු ලැබ තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් මෙලෙස දිවයිනේ විවිධ පොලිස්  ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.