(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර ඔහුගේ නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී මෙසේ සිරුර හමුවී ඇත.

ප්‍රශ්න ගත එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් වන   නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන ඇප ලබා මුදාහැරිය ද ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්  අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය  ඊයේ (7) නියෝගයක් නිකුත් කළේය.