(කේ බුද්ධික කුමාරසිරි)

පුස්සැල්ලාව වැවලි සමාගමට අයත් කොස්ගම සාලාව වත්තට ගිනි අවියක් සහ තියුණු ආයුධ රැගෙන අද (08) අලුයම ඇතුලු වූ පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි මුරකරුවන් දෙදෙනා ගැට ගසා වතු අධිකාරීවරයාට අයත් රුපියල් කෝටියකට වැඩි දේපල පැහැරගෙන ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

කොල්ල කා ගෙන ගොස් ඇති දේපල අතර ලැප්ටොප් වර්ගයේ පරිගණක 04 ක් රුපියල් ලක්ෂ 25 ක් පමණ වන රන් මාලයක්, මුද්දක් සහ රන් බිස්කට්ටුවක් ජංගම දුරකතන දෙකක් සහ වතු අධිකාරිවරයාට අයත් මිට්සුබිෂි වර්ගයේ කැබ් රථයක් වේ.

සැකකරුවන් වතු අධිකාරී නිවසට ඇතුලු වී මුරකරුගේ හිසට ගිනි අවියක් තබා ඔවුන් ගැටගසා දමා පසුව දේපල රැගෙන නිවස ඉදිරිපිට නවතා තිබූ කැබි රථයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

.