(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය.ෙඅත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වලක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරිමට එමගින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හප්පලා නසන්න බැරිනම් මාස දෙකෙන් ඉවර කරන්න පුළුවන් හාදයෙක් එනවා. සල්ලි ගන්නෙත් නැහැ. බැංකුවක් විතරයි ඉල්ලන්නේ. ඒකත් ආපහු යද්දී දෙනවා.
එල්ලුම් ගස ගේන්න...
එල්ලුම් ගස ගේන්න...
මත නසන එක UN එකම එකතුවෙලා කරන්න ඕනේ දැන් නම් ඉරානය වගේ රටවලුත් හෙරොයින් අයිස් EXPORT කරනවා. මේක තනියෙන්ම රටක් විදියට අපිට දිගටම මැඩ පවත්වාගෙන ඉන්න එක ලෙහෙසි නැහැ. ලෝකයේ ඉන්න මත් කාරට්ල් සියල්ල ඉවර කරන්න ලෙහෙසි නැහැ. මිනිස් වෙළඳාම, CYBER CRIME මුත් මේවගේ ඉතිරි ඒවා. මොනවා වුණත් පොලිසිය, හමුදාව ඉක්මනින් මේකේ පාලනයක් ගෙනාවොත් රටට ලොකු සෙතක්...
අම්මෝ කාලෙකින් ඇත්ත කතා කරන කෙනෙක් දැක්කා..