සේනා දළඹු හානිය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි


නාලක සංජීව දහනායක
 
ආක‍්‍රමණික සේනා දළඹුවාගෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදුවන විනාශය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද (22) තීරණය කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට ද තීරණය කළ බව සන්ධානයේ ප‍්‍රකාශකයෙක්  පැවසීය.

පිටරටින් ආහාර ගෙන්වා කෘෂිකර්මය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් මේ හරහා ක‍්‍රියාත්මක වන්නේ දැයි සැකයක් ඇතිවන බව මෙහිදී මන්ත‍්‍රීවරුන් පවසා ඇති අතර සේනා දළඹු ව්‍යාප්තිය මර්දනය කිරීමට රජය උත්සාහ නොගැනීම පිළිබඳව තමන්ට ද සැකයක් ඇති බව විපක්‍ෂනායකවරයා පැවසූ බව එම ප‍්‍රකාශකයා කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබේ.