(යොහාන් භාසුර)
ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතියකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එසේ සඳහන් කළේය.
‘අදානි’ සමාගමට එහිදී මන්නාරමේ මෙගාවොට් 250 ක සහ පුනරින්වල මෙගාවොට් 234 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම මේ වන විට එම ව්‍යාපෘති දෙකෙන්ම ඉවත්ව ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම ඉඩම් දෙක අවශ්‍යතාව මත ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ‘අදානි’ සමගාමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බවත් එහිදී සාර්ථක සහ අඩුම මිලට ටෙන්ඩරය ප්‍රදානය කරන බවත් ජයකොඩි මහතා පැවසීය.
මන්නාරම් දූපත තුළ ඇති ඉඩම දූපතේ ජනතා නියෝජතයන්ගේ කැමැත මත එම ව්‍යාපෘතියට යොදාගැනීමට පසුගිය 13 වැනිදා ජනාධිපවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පුනරින්වල ඇති ඉඩම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.
පුනරින්වල ඉදිරිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 234 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධව මේ වන විට ගැටලුවක් ඇති බවත් ඒ අනුව සම්ප්‍රේෂණ මාර්ග සම්පූර්ණ කිරීමට අවශඔ්‍ය මුලික වැඩකටයුතු කරගෙන යන අතරේම එම ව්‍යාපෘතියට නැවත ටේඩර් කැඳවයි හැකි බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා
අන්_ර Friday, 15 August 2025 06:43 PM
අපිට හුළං මෝල් ඕනෑ නෑ. ඩීසල් බලාගාර ටික දුවාගත්තොත් ඇති...
යෝගා Friday, 15 August 2025 06:46 PM
මේ ආණ්ඩුව යටතේ නම් අලුතෙන් බලාගාර හැදෙන්නේ නෑ. ඔය ඉඩම් ටික කැලෑ වැදිලා තිබිලා අනවසර පදිංචිකරුවන්ට අයිතිවෙයි....