IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි

(අංජුල මහික වීරරත්න)

නුවරඑළියේ මාර්ග සංවර්ධනයට වෙන් කරන ලද මුදල් වැයකර දෙසැම්බර් 31 වන විට සියලු වැඩ අවසන් කළ යුතු බව  ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදි පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල්  මිලියන 350 ක මුදලක් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

එම ප්‍රතිපාදනය ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා ප්‍රමුඛතාව අනුව යොදා ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කීවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රවාහන ක්ෂේත්‍රයේ හා මහා මාර්ග ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු විධිමත්ව නිසි කලට සිදු කර ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අධික්ෂණය සහ මග පෙන්වීම අත්‍යාවශ්‍ය බව බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම රැස්වීමේදී අවධාරණය කළේය.

මීට සමගාමීව  ප්‍රවාහන අමාත්‍යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවක් ස්ථාපනය කර එහි සභාපතිවරයා ලෙස  නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පත්කළේය.



අදහස් (0)

නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site