IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන්න ප්‍රතිපත්තියක්

(අංජුල මහික වීරරත්න)

මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. 

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් “Gem City Ratnapura- 2025” මැයෙන් 2025 අගෝස්තු මස 15, 16 හා 17 තෙදින පුරා පැල්මඩුල්ල ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව ප්‍රකාශ කළාය. 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක්  ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේදයන්, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථාවන්ගෙන් සමන්විතව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.  

“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි" යනුවෙන්ද අගමැතිවරිය කීවාය.



අදහස් (0)

ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන්න ප්‍රතිපත්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site