IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක්

(යොහාන් භාසුර)

මන්නාරම ප්‍රදේශ ඉදිකෙරෙන ‘සුළං’ විදුලි ව්‍යාපෘති දෙකක සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා අද (15) පැවසීය.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී උදයංග හේමපාල මහතා එසේ සඳහන් කළේය.

එම කමිටුවට පිරිසර අමාත්‍යංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුම, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන මණ්ඩලය,  භූ විද්‍යා, සමීක්‍ෂණ හා පතල් කාර්යංශය යන ආයතනවලින් නිලධාරියා බැගින් සහ විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ඇතුළත් බවත් එම කමිටුව ලබන සතියේ රැස්වී සතියක් තුළ ප්‍රශ්නවලට දියහැකි විසඳුම් සහ ඒවා දියහැකි කාලය සම්බන්ධ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් බවත් ලේකම්වරයා කීය.

මාසයක් තුළ කමිටු වාර්තාව ලබාගෙන යම්කිසි කාලයක් ලබාගෙන අවශ්‍ය විසඳුම් චෙදන බව ද හේමපාල මහතා සඳහන් කළේය. 



අදහස් (0)

මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site