අජිත්ලාල් ශාන්තඋදය, වයි.ඒ.එස්. වීරවංශ සහ සම්පත් ප‍්‍රියනන්දන
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයකින් ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රශ්න පත‍්‍රයේ උත්තර කෙටි පණිවුඩ මගින් යැවීයැයි කියන ගුරුවරියට සහ එම විභාග අපේක්ෂකයා රුපියල් ලක්‍ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද පී මුදුන්කොටුව මහතා අද නියෝග කළේය.
එම ගුරුවරිය විභාග රාජකාරියේ නිරත ගුරුවරියක බව පොලිසිය කියයි.
සැකකාර පාසල් ගුරුවරිය සැකකාර විභාග අපේක්‍ෂකයාට ඉංග‍්‍රීසි භාෂා උපකාරක පන්ති පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවූ බව ද සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කළ බළන්ගොඩ පොලීසිය දැනුම් දුන්නේය.
විභාග අපේක්‍ෂකයාගේ විභාග මධ්‍යස්ථානය වී තිබුණේ ද ගුරුවරිය සේවය කරන පාසල බව ද පොලිසිය පවසයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග‍්‍රීසි භාෂා විෂයය බ්‍රහස්පතින්දා පැවැත්විණි.
සැකකාර අපේක්‍ෂකයාට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කෙටි පණිඩ ලබාගෙන විභාගට වංචාකාරීව පිළිතුරු සැපයූ බව පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.