විද්‍යාපීඨවලට එකවර 8000ක් බඳවාගන්න යයි



(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 
 
ඒ අනුව 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යයින් 8000ක් එකවර බඳවා ගන්නා බව ගුරු අධ්‍යාපන කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා පැවසීය.
 
එම බඳවා ගැනීම්වලට අදාල ගැසට් නිවේදනය මේ මස 25 වැනි දා නිකුත් කරන බව ද ඔහු කීවේය