වැඩිමිලට ඩීසල් විකුණන්න හැදූ කොන්ත්‍රාත්කරු දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

නීති විරෝධී ලෙස වැඩි මිලට අලෙවි කිරීම සඳහා මාදිවෙල  ප්‍රගතිපුර දේවාල පාරේ නිවසක සඟවා තිබූ   ඩීසල් ලීටර් 180 ක්  සමග පුද්ගලයකු  ඊයේ  (1) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

එම ඩීසල් තොගය  විශාල බැරල් එකක සහ ප්ලාස්ටික බූලි කිහිපයක බහා තිබූ බව පොලිසිය සඳහන් කරයි
ඩීසල් තොගයේ  වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්නය.

එම සැකකරු ඩීසල් ලීටර් එකක්. රුපියල් 1000 සහ1200 වැනි අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි

59 එම පුද්ගලයා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකි.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ පවත්වයි.