ලෝක ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී සිටින බව ජගත් සංවිධානය සිය නවතම වාර්තාවකින් හෙළි කර ඇත. ඒ අනුව ලෝක ජනගහනයෙන් බිලියන 3.9ක් අන්තර්ජාල පරිශීලකයෝ වෙති.
මෙම වර්ෂය අවසානය වන විට ජනගහනයෙන් 51.2% අන්තර්ජාලය සමඟ සම්බන්ධ වනු ඇතැයි ජාත්‍යන්තර විදුලිසංදේශ සංගමය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසයි.
මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයක් කරා පියනැගීමට ඉතා වැදගත් පියවරක් බව එම සංවිධානයේ ප්‍රධානී හෝලින් ශෝ පැවසුවේය.
ලෝකයේ ධනවත් රටවල 2005 - 2018 කාලයේ අන්තර්ජාල භාවිතය මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළේය.
අප්‍රිකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම දියුණුව වඩාත් විස්මජනක ස්වරූපයක් පෙන්නුම් කළේය.
එසේම ලෝක ජනගහනය ඉක්මවාගිය ප්‍රමාණයක් ජංගම දුරකතන භාවිතා කරන බවද එම වාර්තාවෙන් හෙළි වී ඇත.
ඒ අනුව ජනගහනයෙන් 96% ක් ජංගම දුරකථන ජාලයන් වෙත ප්‍රවේශ වෙති.
එසේම 90% වඩා වැඩි පිරිසක් 3G හෝ එවැනි අධිවේගී සම්බන්ධතාවකින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙති.
(63226)