(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් සොරා ගත් පුද්ගලයකු වැල්ලම්පිටිය කළු පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඊට අවශ්‍ය ලිපි ලේඛන නොමැතිවීමෙන් සැකකරු පොලීසියට රැගෙන ඒමෙන් පසු සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මේ බව අනාවරණ වූ බව පොලිසිය කියයි
මහව, මහරගම හා කුරුණෑගල ප්‍රදේශවලින් සැකකරු මෙම යතුරු පැදි සහ ත්‍රී රෝද රථයක් සොරා ගෙන තිබූ බව පොලිසිය කියයි
ලෙස සොරා ගත් යතුරු පැදිය එම ප්‍රදේශවල විවිධ පුද්ගලයන් වෙත උකස් කර තිබූ බව පොලිසිය කියයි
වයස අවුරුදු 24 ක් වන සැකකරු කුරුණෑගල පදිංචිකරුවෙකි
සැකකරු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි