මෙවර අයවැය පරාජය කරන බව බන්දුල කියයි



 
 
(නිමල කොඩිතුවක්කු)
 
2019 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරන් ලබන සමස්ථ අයවැය ලේඛනය පරජය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (4) පැවැසීය.

වත්මන් ආණ්ඩුව දිනයක් හෝ බලයේ රැඳී සිටිම රටට අහිතකර බවත් පැවසූ මන්ත‍්‍රීවරයා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙවර අයවැය පරාජය කිරීමට අවශ්‍ය සියලූ සැලසුම් සකස් කර ඇති බවත්  සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර අයවැයෙන් පසු  ආර්ථිකය කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යා හැකි මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයට රට බාරදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.