(ඉන්දිකා රාමනායක)
කඩවත මහර 09 කණ්ඩුව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් මාර්තු මස 24 දින රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු මියගොස් තිබුණි.
මෙම ඝාතනය සදහා පැමිණ වෙඩික්කරුවන් දෙදෙනාට ඔත්තු ලබා දීම, රැකවරණය ලබා දීම, තොරතුරු වසන්කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස හෑගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.