හසිත රංග ගුණතිලක
විවිධ අවස්ථාවන් හීදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200 ක් අප්‍රේල් මුලදී විනාශ කර දමන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා අද (19) කොළඹ දී පැවසීය.
ඒ අතර හෙරොයින්, කොකේන් සහ ගංජා යන මත්ද්‍රව්‍ය තොගයක් ඇතැයි ඔහු කීය.
අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍ය විනාශ කිරිම සඳහා මෙම දිනවල නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.
බොරැල්ල මරදාන පාරේ පිහිටි අගරදගුරු මැදුරේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කිතලවආරච්චි මහතා මේ බව පැවසීය.