( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී රියකින් රැගෙන යමින් සිටියදී අද (09) බදුරලියේදී අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි.
ගිනි අවි 13 ක් උණ්ඩ 1500 ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.
මේ අතර ගිනි අවි කොටස් රැසක් , දුනු විදින තුවක්කුවක් , ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ, මන්නා පිහි 3 ක් , හොරොයින් මත් කුඩු සහ ලේසර් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සමඟ තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.