දෝහා කටාර්


(නිමන්ති රණසිංහ)

දෝහා කටාර් රාජ්‍යයේ සිටියදී මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමේ චෝදනාවකට රක්ෂිත භාරයේ සිටි කාලයේදී රුපියල් කෝටි 6ක මුදලක් මෙරටට එවා දේපල මිලදී ගත්තැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයකු, ඔහුගේ පියා සහ සහෝදරයා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත්වරයා අද (03) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර කරනු ලැබුවේ පුත්තලම නූර් පල්ලිය පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහහොමඩ් සෆාන් (26), ඔහුගේ පියා වන ඒ. ඒ. මොහම්මදු අලී (48) සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් සකීර් (28) නැමැති පුත්තලම නගර සභාවේ සු`ථ සේවකයන් දෙදෙනෙකි.

මෙම සැකකාර ව්‍යාපාරිකයා දෝහා කටාර් රාජ්‍යයේ සිටිමින් මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරත වීම සදහා මෙරට මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හා සම්බන්ධ වී හෝ විදෙස් ගතව සිටින මෙරට මත්ද්‍රව්‍ය ඡාලය හා සම්බන්ධ වී ඇත්දැයි යන්න පිළිබදව පු`ථල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.

මෙම සිද්ධියේ සැකකාර ව්‍යාපාරිකයා දෝහා කටාර් රාජ්‍යයේ සේවයේ සිටියදී මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් මගින් වසර දෙකක සිරදඩුවමක් නියම කර බන්ධනාගාර ගත කර සිටියදී මෙම මුදල මෙරටට එවූ බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ඒකක 05 හි ස්ථානාධිපතිවරයා විසිනි.