දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ජනපතිට බෑ කියයි


(බිඟුන් මේනක ගමගේ )
 
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනාධිපතිවරයා මුණගැසී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහාය නොදක්වන බව දන්වා සිටි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
 
විනයගත දේශපාලන බලවේගයක් හැටියට නව දේශපාලන වෙනස පිළිගත නොහැකි බවත් ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපතිවරයා කළ ඇරියුම ප්‍රතික්ෂේප කළ බවත් ගනේෂන් මන්ත්‍රීවරයා කීය.
 
2015 වසරේදී පිහිටුවාගත් මෙම සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විතය.
 
මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.