IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලනඥයන්, වෘත්තීයවේදින් කලාකරුවන් ඇතුළු දෙදහසකට වැඩි පිරිසකගේ දුරකතනවලට හැකරුන් (Hackers)  මෑත භාගයේදී වරින් වර   හොර රහසේ ඇතුළුවී මුදල් වංචා කර ඇතැයි  පොලිස්  සහ  දුරකතන සේවා ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ හැකරුන් රිංගු කණ්ඩායමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළත් වෙති.

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ   ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ජංගම දුරකථනයටද පෙරේදා (28) හැකරකු රිංගා ඔහුගේ දුරකථනයට ඇතුළත් කරගෙන සිටින  පුද්ගලයන්ට කෙටි පණිවිඩ යවමින් බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙසට  ඉල්ලීම් කර ඇත.

කෙසේ වෙතත්  වාසනාවටකිසිවකු හෝ හැකරුන්ගේ එම වංචාවට හසුව නැති බව වාර්තාවේ.

මුජිබර් රහුමාන්, කින්ස් නෙල්සන් සහ  ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ දුරකථනවලටද  මෙයට පෙර හැකරුන් රිංගා තිබිණ. කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයාගේ  දුරකථනය හැක් කෙරුණු අවස්ථාවේදී සහෝදර මන්ත්‍රීවරයෙකු හැකරුන්ගේ ගිණුමකට  රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර ඇත.

තමා වෙනුවෙන් එම මුදල තැන්පත් කෙරුණු හෙයින් ඒ මන්ත්‍රීවරයාට තමා ලක්ෂයක මුදල  දුන් බවද නෙල්සන් මහතා  ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා  පැවසුවේ තමාගේ ජංගම දුරකථනය හැක් කෙරුණු අවස්ථාවේදී විදේශයන්හි හිතවතුන් දෙදෙනකු  හැකරුන්ගේ වංචාවට හසුව මුදල් තැන්පත් කර තිබූ  බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ  මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනි  කුමාරි විජේරත්න මහත්මියගේ  ජංගම දුරකථනයටද හැකරකු ඇතුළු වීමට දැරූ උත්සාහයක් ඇයගේ කල්පනාකාරී බව හේතුවෙන් වැළකී ගොස් තිබිණ.

තම හිතවතකු මුදල් ඉල්ලා සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණහොත් වඩා කල්පනාකාරීව අදාල හිතවතාට කතාකර එය සත්‍ය පණිවිඩයක් දැයි නැවත නැවතත් තහවුරු කරගන්නා ලෙස පොලිසිය  මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බොහෝ   හැකරුන් විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකතන වලට  ඇමතුම් ලබා දී විවිධ කටයුතු වලට සම්බන්ධ කරගන්නා බව පවසමින් විවිධ විස්තර හෝ අංක හුවමාරු කර  ගෙන  මෙසේ දුරකථන හැක් කරන බව කියති.

විවිධ හැකරුන්  සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට සූක්ෂම ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිද්ධීන් වැඩි වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම මූල්‍යමය වංචා වැළැක්වීමට අදාල අංශ මීට සක්‍රීයව මැදිහත් විය යුතු බව  ජනතාව පෙන්වා දෙති.



 

 



අදහස් (1)

නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා

pakeer Wednesday, 30 July 2025 01:03 PM

මේවා කරන්නේ බොහෝ වෙලාවට හැකර්ලා නෙමේ... ලඟම ඉන්න උන්ගේ දේවල් දන්න එවුන්. එහෙම නැතුව ඉලෙක්ට්‍රොනිකලි නෙමේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site