(ගයාන් සූරිය ආරච්චි)
2007-2008 වර්ෂ වල නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව සහ පුදුකොලනි ප්‍රදේශයේ පදිංචි 33 සහ 39 වයස්වල පසු වන දෙදෙනෙකි.
2007-2008 වර්ෂ වල නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබූ බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් පැහැර ගැනීම, අතුරුදන් කිරීම සහ පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලබන විමර්ශන වලට අනුව එම සැකකරුවෝ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශනන සිදුකරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඝාතනවලට සම්බන්ධ දෙන්නෙක් අල්ලයි