(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් ඇමැති අර්ජුන රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළකර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී අර්ජුන රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූතිය පළකළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති කබීර් හෂීම් මහතා ඉකුත් රජය සමයේ සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිද්ධි 34කට අදාළ පරීක්ෂණ නිමකර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් නඩු පවරා නැතැයි සඳහන් කර ඇත.
ඊට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් නඩු පැවැරීම් කටයුතු සිදුකළ ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එහිදී අදහස් දක්වා ඇති අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ අද (22) පැවැත්වීමට නියමිතව තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන චෝදනා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ වහාම අදාළ නඩු පැවැරීම කිරීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.