ත්‍රස්ත විමර්ශන අංශයේ නව අධ්‍යක්ෂ එස්එස්පී ජයසුන්දර


(තරිඳු ජයවර්ධන)
 
පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු තුන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා පත් කර තිබේ.
 
ජයසුන්දර මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට අමතරව අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද පත් කර ඇත.
 
ඒ මහතාගේ පත්වීමෙන් පුරප්පාඩු වූ යාපනය කොට්ඨාස භාර නිලධාරී තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ පී ඒ ඩී කේ පී කරුණානානායක මහතා පත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. කරුණාරත්න මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියේය.