(ඉන්දිකා රාමනායක)
රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාපක්ෂ මහතාගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පුර්ණ කාලීනව සහය ලබා දී සදහා ඒ මහතා එම තීරණය ගෙන ඇති බව මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.
මේ වන විට මාධ්‍ය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරය භාර ගැනීමට සූදානමින් සිටින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.