(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙළෙඳපොළ තුළ සිදුවූ වර්ධනයන් ජූනි අපනයනයන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදුකළ අපනයන් ඉහළ යනවිට ඇමෙරිකාවට සිදුකළ අපනයනයන් පහළ ගොස් තිබෙන බවද එම සංසදය ප්‍රකාශ කළේය.
ඒ අනුව යුරෝපා සංගමයට සිදුකළ ඇඟලුම් අපනයනයන් පසුගිය ජූනි මාසයේදී සියයට 23.1 කින් ඉහළ ගොස් තිබෙන බවත් බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලුම් අපනයනයන් සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේය. කෙසේ නමුත් ඇමෙරිකාවට සිදුකළ අපනයනයන් සියයට 5.7 කින් පහළ ගොස් ඇති බවත් අනෙකුත් කලාපවලට සිදුකළ අපනයනයන සියයට 9.3 කින් පහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඟළුම් අපනයනයේ වැඩි වීමක්